Friday, September 20, 2024

රවී ඇතුළු පිරිසට වරෙන්තු නිකුත් කිරීම පමා වෙයි: තීරණය මාර්තු 6

Must read

 

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 12දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ව⁣රෙන්තු ලබාගන්නැයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (03) පස්වරුවේ දැනුම් දුන්නත් එම පිරිස අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය මාර්තු 06වනදාට ලබා දෙන බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය කර ඇත.

මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා දැනුම්දෙන ලද්දේ 2016 වසරේ මාර්තු මස බැඳුම්කර ගනුදෙනුවලදී සිදුවූ අක්‍රමිකතාවලට අදාළව ඉදිරිපත්ව ඇති කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම, සාවද්‍ය පරිහරණය සහ තමන්ට වාසිදායක වන පරිදි වෙළඳපොල මිල කෘත්‍රිමව ඉහළ දැමීම යන චෝදනා මතය.

කෙසේ වෙතත් එම පිරිසට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article