Friday, September 20, 2024

ඉරානයේ උප ජනාධිපතිනියටත් කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

Must read

ඉරාන රජයේ ඉහළම තනතුර දරන කාන්තාව වන ඉරානයේ කාන්තා හා පවුල් කටයුතු පිළිබඳ උප ජනාධිපතිනියට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. මින් පෙර ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

මසූමේ ඉබ්තිකාර් මහත්මිය රාන ජනාධිපති හසන් රොව්හානී සහභාගී වූ කැබිනට් හමුවකට ද ඉකුත් දිනෙක දී සහභාගී වී ඇති අතර එම කැබිනට් හමුවට සහභාගී වූ තවත් අයකු ද අසනීප වී ඇතැයි ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කර සිටියි.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්ථා කර ඇති අාකාරය අනුව ඉරාන උප ජනාධිපතිවරිය ද ඇතුළුව ඉරාන රජයේ ඉහළ පෙළේ බලධාරීන් හත් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඒ අතුරින් එක් ප්‍රමුඛ පෙළේ පූජකයකු මරණයට පත්ව ඇතැයි ද වාර්තා වේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article