Friday, September 20, 2024

ස්විස්ටර්ලන්තයෙන් පළමු කොරෝනා රෝගියා වාර්ථා වෙයි

Must read

ස්විස්ටර්ලන්තයෙන් වාර්ථා වූ පළමු කොරෝනා වෛරස් ආසාදිත රෝගියා ඊයේ (25) වාර්ථා විය. මෙම රෝගියා වාර්තා වී ඇත්තේ එරට දකුණු ප්‍රදේශයෙන් වන අතර ඉතාලියේ සිට නැවතත් ස්විස්ටර්ලන්තය වෙත පැමිණි පුද්ගලයෙකු වශයෙන් මෙම පුද්ගලයා හදුනානෙ ඇත. ඒ අනුව මෙම පුද්ගලයා ආසාදනය වන්නට ඇත්තේ ඉතාලියේදී බව විශ්වාස කෙරේ.

මේ වන විට ස්විස්ටර්ලන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් අදාල රෝගී පුද්ගලයා හා සබදකම් පැවැත්වූ සියලුම පුද්ගලයන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට තීරණය කර තිබේ.

මේ වන විට චීනයෙන් පිටත මැදපෙරදිග රටවල් වල හා යුරෝපය තුල මෙම වෛරසය සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article