කොරෝනා ආසාධිත පුද්ගලයෙකු Diamond Princess නමින් හදින්වෙන නෞකාවෙන් වාර්ථා වීමත් සමග මගීන් 3700ක් පමණ රැගත් නෞකාවට ජපානයට ඇතුල් වීම තහනම් කිරීමට ජපානය තීරණය කිරීම හේතුවෙන් මගීන් 3700ක් නෞකාවේ සිරවිය. මේ වන විට නෞකාව තුල කොරෝනා ආසාදිතයන් ගණන 355ක් පමණ බව ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරයි.
කෙසේ වෙතත් මෙම නෞකාවේ සිරවී සිටි 400ක් පමණ වන ඇමරිකානු ජාතිකයන් බේරා ගැනීම සදහා ඇමරිකාව විසින් ගුවන් යානා දෙකක් ජපානය වෙත එවා ඇති අතර එම ගුවන් යානා මගින් නෞකාවේ සිටි සියලුම ඇමරිකානු ජාතිකයන් මුදා ගැනීමට ඇමරිකාව කටයුතු කර ඇත.
ඇමරිකානු ජාතිකයන් තවත් 40 දෙනෙක් පමණ කොරෝනා ආසාදිතයන් වශයෙන් ජපානය තුල ප්‍රතිකාර ලබමින් සිටියි.