Sunday, November 24, 2024

ගිනි තැබිම් නිසා වන වගා සහ රක්ෂිතවල හෙක්ටයාර් 10 ක් විනාශයි

Must read

ඊයේ(09) දින පස්වරුවේ දී හැටන් රොසැල්ල ෆයිනස් වගා රක්ෂිතයේ හටගත් ගින්නක් තම කාර්යයාලයේ නිලධාරින් සහ ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරින් එක්ව පාලනය කිරිමට සමත් වු හැටන් අඩවි වන නිලධාරි සුජිත් අජන්ත මහතා පවසයි. මේ දිනවල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ හැටන් අඩවි වන කාර්යයාලය යටතේ පාලනය වන වටවල , ගිනිගත්හේන , යන ප්‍රදේශවල පිහිටි ෆයිනස් සහ යුකෙලෙප්ස්ටික් වගා රක්ෂිතවල පමණක් හෙක්ටයාර් 4 ක පමණ භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.

සමස්තයක් වශයෙන් සැලකීමේදී ගිනි තැබිම් නිසා වන වගා සහ රක්ෂිතවල හෙක්ටයාර් 10 කට ආසන්න භුමි ප්‍රමාණයක් මේ වන විට ගිනිගෙන විනාශ වි ඇත.

මෙවැනි විශාල පරිසර හානියක් සිදුකරන පිරිස් සම්බන්දයෙන් යම් තොරතුරක් දන්නේ නම් ඒ සම්බන්දයෙන් හැටන් අඩවි වන කාර්යයාලයේ නිලධාරීණ් හෝ ළගම පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස හැටන් අඩවි වන නිලධාරි සුජිත් අජන්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article