Friday, November 15, 2024

ත්‍රිවිධ හමුදාවේ 5කට ජනපති සමාව !

Must read

තමාට ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව 72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, බන්ධනාගාර ගතව සිටි තවත් පස් දෙනෙකු නිදහස් කිරීමට  ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී ඇත.

ඔවුන් පස් දෙනා ආරක්ෂක අංශවල නියුතු පුද්ගලයින් වන අතර සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත වූවෝ වෙති.

මෙවර නිදහස් දිනය නිමිත්තෙන් ජනපති සමාව හිමි වු මුලු සිරකරුවන් සංඛ්‍යාව 517කි.

මේ අතර පසුගිය කාලය තුල සමාජ මාධ්‍ය අතර දැඩි කථාබහකට ලක්ව තිබුනේ මිරිසුවිල්හි 8දෙනෙකු ඝාතනය කිරිම ගැන චෝදනා ලැබ සිටින  හමුදාවේ අය පවා නිදහස් කිරිමට ජනාධිපතිවරයා පියවරගැනිමට සුදානම් බවය.
එහෙත් මේ දක්වා එවැන්නක් සිදුව නැති අතර එමෙන්ම මිනි මැරුම් චෝදනා ලැබ සිටින දුමින්ද සිල්වාටද මෙවර කිසිදු ඉඩක් ලැබි නැත. මේ වෙනුවෙන් හඩ නගන ජාතිවාදි නඩවලට හිරු නම් සල්ලි තමයි යන්න ඇස්පනා පිටම ඔප්පු වෙන අන්දමේ බොහෝ දේ සිදු වෙමින් ඇති බවද පැහැදිලි ප්‍රදර්ශණය වෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article