මේ දිනව කොරෝනා වෛරස් බිය හ්තුවෙන් දිවයින් පුරා සෞඛ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ (face mask) හිගයක් හට ගැනීම හේතුවෙන් , එම මුහුණු ආවරණ නිෂ්පාදන සමාගම් කිහිපයක් ඉන්දියාවේ පිහිටා තිබීම නිසා මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්වය තහවුරු කිරීම සදහා අවශ්‍ය මුහුණු ආවරණ මෙරටට ලබාදෙන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්ථා වෙයි.
රනිල් වික්‍රමසිංහ මහතා තම ඉල්ලීම සම්බන්දයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාද දැනුවත් කර ඇත. එමෙන්ම කොරෝනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයකට සිය පූර්ණ සහය ලබාදෙනබව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වෙත දන්වා ඇත.