මෙම ඉඩම් කැබලි අතර ඇති ලේක්හවුස් ආයතනය ඉදිරිපිට ඇති ඉඩම් කුප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස් පැකර්ට කැසිනෝ ක්‍රීඩාවද ඇතුළත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මීට පෙර ලබාදීමට උත්සාහ කළ ඉඩම් වේ. එය පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ නාගරික සංවර්ධන අධිකාරිය රවී විජේරත්න ගෙන් අත්පත් කරගෙන ‘බැලුනා’ නම් ජපන් සමාගමකට රුපියල් බිලියන 3.2කට බදු දී තිබුණි.
ඊට අමතරව පසුගිය රජය කාලයේ නාගරික සංවර්ධන අධිකාරිය සතුව තිබුණු සතොස ඉඩම, බ්ලූමැන්ඩල් ඉඩමක් සඳහා වරාය අධිකාරිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත හිලව්වට ලබාදුන් ඉඩම් කැබලි කිහිපයක් විකිණීමට නියමිත ඉඩම් අතර වේ.
(කේ සංජීව -අනිද්දා )