ඉදිරි මැතිවරණයේදී තරඟ වැදීමට ඉදිරිපත් වන්නැයි ජනතාව තමන් ගෙන් ඉල්ලා සිටින බව රංගන ශිල්පිනී අනුෂා දමයන්තිසමාජ මාධ්‍ය හරහා සදහන් කර තිබිණි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනතාව අතර වඩාත් කථාබහට ලක්වූ ඇය වරෙක ඇය නියෝජනය කරන්නාවූ දේශපාලඥයා වන විමල් වීරවංස මහතාට “ටිකිරි කුමාරි” යැයි ආමන්ත්‍රණය කිරීමෙනි.
එමෙන්ම අම්බලන්ගොඩ පැවති ජනහමුවකදී “ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මැතිතුමාගේ ආරාධනයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට මම ඉදිරිපත් වෙනවා” යනුවෙන් පවසමින් සිනමා නළු අර්ජුන් කමලනාත්ද ඉදිරි මැතිවරණය සදහා ඉදිරිපත් වන බව තහවුරුකර තිබේ.
අර්ජුන් කමලනාත්, පිංපොන් වැනි පිරිස් පසුගිය රාජපක්ෂ පාලන සමයේදී හමුදා නිලතල දරමින් රජයෙන් වැටුප් ලබාගත් බව මේ වන විට කවුරුත් දන්නා කරුණකි.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී මෙන්ම ඉන් පසුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඒ මහතාට සහය දක්වන සියල්ල සදහන් කර සිටියේ ඉදිරි මැතිවරණ සදහා උගතුන් හා බුද්ධිමතුන් වෙත පමණක් අපේක්ෂකත්වය ලබාදෙන බවයි.
නමුත් මේ වන විට ජනාධිපතිවරයා තේරීපත්වී මාස දෙකක් අවසන් වන්නටත් පෙර ඔහු ලබාදුන් පොරොන්දු පුස්සක් වෙමින් පවතින බව පැහැදිලි වෙමින් පැවතීමම රටේ අවාසනාවකි.