Friday, November 29, 2024

ලබන වසරේ අප්‍රේල් – මැයි වන විට දැවැන්ත විදුලි අර්බුදයක්

Must read

 

ලබන වසරේ අප්‍රේල් – මැයි වන විට දිවයිනට දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඇතැම් විට  විදුලි කප්පාදුවක් දක්වා යා හැකි බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

විදුලිබල පද්ධතියට අමතර ධාරිතාවයක් එක්කළ  හැකි සූර්යබල ශක්ති සහ සුළං බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යාංශය විසින් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් ජාතික පද්ධතියට අලුතින් විදුලි ධාරිතාවයක් එක් නොවිමෙන් මෙම අර්බුදය ඇතිවී ඇති බව අමාත්‍යංශය සදහන් කරයි.

ලබන වසර  වනවිට ඉදිකිරීමට යෝජිත නව එල්.එන්.ජී. බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සදහා මේ වනවිට වෙන්කර ඇති අක්කර 20 ක භූමි ප්‍රමාණයට තවත් අක්කර 10ක භූමි ප්‍රමාණයක් එක්කර හැකි ඉක්මණින් අදාළ ව්‍යාපෘතිය ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා විසින් අදාල නිලධාරීන් උපදෙස් ලබා දී ඇති බව වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article