Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනපති ඝාතන කුමන්ත්‍රණ කළැයි අත්අඩංගුවට ගත් 4ක් ඇප මත නිදහස්

Must read

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමට හෝ අනතුරක් කිරීම සඳහා කුමන්ත්‍රණ කළ බවට සීදූව, ජයවර්ධනපුර, අමන්දොළුව ප්‍රදේශයේ කුලී නිවසක සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් පස්දෙනාගෙන් හතර දෙනෙකු ඇප මත මුදාහැර ඇතැයි වාර්තා වේ.

මෙම පිරිස පසුගිය 02වනදා කටුනායක පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව සිදුක ප්‍රශ්ණ කිරීම් වලින් පසුව ඉන් හතර දෙනෙකු මුදාහැර තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස උතුරේ අක්කරායන් කුලම්,විශ්වමඩු , මස්කෙලිය හා නැගෙනහිර පළාතේ පදිංචිකරුවන් වන අතර අත්අඩංගුවට පත් නැගෙන හිර පදිංචි පුද්ගලයා ඒ ප්‍රදේශයේ මාල කැඩීම ඇතුළු සුළු අපරාධ කීපයක් සම්බන්ධයෙන් වරෙන්තු කරුවකු බවත් ඒ නිසා ඔහුව රඳවාගෙන ප්‍රශ්න කරන බවත් වාර්තාවෙයි.

අත්අඩංගුවට පත්වූ පිරිස අත්අඩංගුවට ගෙන අැත්තේ  ඔවුන් බීර පානය කරමින් සිටියදී සිදුකල ප්‍රකාශයක් පිළිබඳව යම් පුද්ගලයෙක් කටුනායක පොලීසියේ නිලධාරීන් වෙත සිදුකල දැනුවත් කිරීමකින් බව හෙලිව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article