තිරිගු පිටි මිල ඉහල දැමීමට තිරිගු පිටි අලෙවි නියෝජිතයන් තීරණයබකර ඇති බවට පැතිර යන කතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කරයි.
තිරිගු පිටි මිල ඉහළ දමන්නේ නම් එසදහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි වියයුතු බවද ඒ මහතා සදහන් කරයි. එසේ කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවද ඒ මහතා අවධාරණයකර සිටියි.
ජනාධිපතිවරණය සදහා පැය කිහිපයක් තිබියදී මෙම පුවත එක්තරා පුද්ගලික මාධ්‍ය ආයතනයක් මගින් ගෙන යන අසත්‍ය ප්‍රචාරයක් බවත් ඒ මහතා පවසයි.