රාජ්ය සම්පත් භාවිතා කරමින් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්රහණය කරවීම සදහා දේශපාලන කටයුතු වල නිරත වීම සම්බන්දයෙන් ලැබුණ පැමිණිලි මත බස්නාහිර,වයඹ,උතුරු මැද හා නැගෙනහිර ආණ්ඩුකාරවරුන් ලබන 18 වනදා දක්වා නිවාඩු ලබාදී රජයේ වාහන හා නිල නිවාස පරිහරණය කිරීම තහනම් කරන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්ථා වෙයි.
මේ වන විට බස්නාහිර ආණ්ඩුකාරවරයා වශයෙන් ඒ.ජේ.එම්.මුසම්මිල් , වයඹ ආණ්ඩුකාරවරයා වශයෙන් පේෂල ජයරත්න, උතුරු මැද ආණ්ඩුකාරවරයා වශයෙන් සරත් ඒකනායක හා නැෙගනහිර ආණ්ඩුකාරවරයා වශයෙන් ශාන් විජේලාල් ද සිල්වා යන අය කටයුතු කරයි.