ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවේදී එම වේදිකාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සිටීම සම්බන්දයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
එමගින් හෙට්ටිආරච්චි මහතා සදහන් කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරියෙකු මාණ්ඩලි නිලධාරී ගණයට වටෙන බැවින්,ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්‍රියාවලියකට සහභාගී වීමට නොහැකි බව ආයතන සංග්රහවේ 32වන පරිච්ච්ඡේදයේ ඉතාමත් පැහැදිලිව සදහන් වන බවයි