Monday, November 25, 2024

කැබිනට් මණ්ඩලය අහෝසි වීම ගැන මහින්ද කිව්වේ බොරු – නීතිවේදීන්

Must read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ(15) කොළඹ, ශැංග්‍රිලා හෝටලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොහොට්ටුවට සහාය දෙන පක්ෂ නායකයින්ගේ සභභාගීත්වයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැණයකට පිළිතුරු දෙමින් කැබිනට් මණ්ඩලය පත් කෙරෙන්නේ නව ජනාධිපතිවරයාගේ අභිමතය අනුව බවට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සිදුකල ප්‍රකාශය සාවාද්‍ය බව නීතිවේදීහු පෙන්වා දෙති.

අමාත්‍ය මණ්ඩලය අහෝසි විය හැක්කේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති තනතුරට තේරීපත් වුවහොත්,අග්‍රාමාත්‍යවරයා ඉවත් වුවහොත් හෝ ඉවත් කෙරුණහොත් පමණක් බව පෙන්වා දෙන නීතිවේදීන් පවසන්නේ 2005දී සිදුවූයේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති තනතුරට තේරීපත් වූ විට කැබිනට් මණ්ඩලය අහෝසී වීම බවද පවසයි.

එ් හේතුවෙන් මෙම ජනාධිපතිවරණයෙන් පසු නව ජනධිපතිවරයෙකු දිවුරුම් දුන්නද ජනාධිපතිවරණය සඳහා අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් වී නොමැති බැවින් කැබිනට් මණ්ඩලය එසේම පවතින අතර අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට අවශ්‍ය නම් ඊට ව්‍යවස්ථානුකූලව විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගත යුතු බවද පැහැදිලි කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article