ලොකු ළූනු මත පනවා ඇති ආනයන බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට හිමි විය යුතු බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවසයි.
ඔවුන් පවසන්නේ බදු පහළ දැමීමට රජය ගත් තීරණයත් සමඟ පිටකොටුව තොග වෙළඳපොලේ ආනයනික ඊජිප්තු ලොකු ළූනු කිලෝවක තොග මිල රුපියල් 170ත් 150ත් දක්වා පහළ බැස ඇති බවයි.
දේශීය ලොකු ළූණු අස්වැන්න අවසන් වීමත් සමඟ මෙරට ළූණු අවශ්‍යතාව සපුරා ගනු ලබන්නේ ආනයනික ලොකු ළූණු මඟින්.
ඒ අනුව ඉන්දියාවෙන් සහ ඊජිප්තුවෙන් මෙරට පරිභෝජනයට අවශ්‍ය ලොකු ළූණු ගෙන්වනු ලබයි.
දේශීය ගොවීන්ගේ ලොකු ළූණු අස්වැන්න අවසන් වීමත් සමඟ වෙළඳපොල තුළ ලොකු ළූණු මිල ඉහළ යාම පාලනය සඳහා ආනයනික ලොකු ළූණු මත පැනවූ බදු පහළ දැමීමට රජය පසුගියදා කටයුතු කළේය.
ඒ අනුව ඊජිප්තුවෙන් මෙරටට ගෙන්වනු ලබන ලොකු ළූනු කිලෝවක තොග මිල රුපියල් 170ත් 150ත් දක්වා පහළ බැස ඇති අතර තොග වෙළඳුන් පවසන්නේ ඊට සාපේක්ෂව ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලොකු ළූනු වල මිල පහළ බැස නොමැති බවයි.
adaderana.lk