Saturday, September 21, 2024

මුහුදු කූඩැල්ලන් බෝකිරීමේ පළමු මධ්‍යස්ථානය මන්නාරමට.

Must read

220px-Holothuroidea_(Sea_cucumber_feeding)

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම මුහුදු කූඩැල්ලන් බෝ කිරීමේ මධ්‍යස්ථානය නුදුරේදීම මන්නාරම ඔලෙයිතුඩුව ප්‍රදේශයේදී ආරම්භ වීමට නියමිත බව ධීවර කටයුතු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. රජය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් වන මෙමගින් මෙරට තුල මුහුදු කූඩැල්ලන් බෝ කිරීම ප්‍රචලිත කිරීම හා එමගින් ධීවර ප්‍රජාවගේ ආදායම් හා රජයේ ආදායම වැඩි කිරීම අරමුණ වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

මුහුදු කූඩැල්ලන් මෙරට තුල ප්‍රචලිත නොවූවත් ලෝක වෙළද පොලතුල ඒ සදහා විශාල ඉල්ලුමක් ඇති අතර සාමාන්‍යෙයන් මුහුදු කූඩැල්ලන් කිලෝ එකක ප්‍රමාණයක් රු.20,000 – රු.30,000 ක අතර මුදලක් වනවා.රුපියල් මිලියන 185ක් පමණ වැය වෙතැයි අපේක්ෂිත මෙම මධ්‍යස්ථානය සදහා වන සියළුම වියදම රජය විසින් දරනු ලබන බවයි වාර්ථාවන්නේ. 2020 වන විට මෙරට අපනයන ආදායමේ පලමු හෝ දෙවන ස්ථානයට ධීවර ක්ෂේත්‍රය පත්කිරීම රජයේ අරමුන වන බවත් ධීවර කටයුතු පිලිබද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කර තිබෙනවා.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article