Sunday, September 22, 2024

පසුගිය දශකය තුල වන විනාශය 0.4%කින් අඩුවී ඇතැයි එක්සත් ජාතීන්ගෙන් වාර්ථාවක්..

Must read

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශ කරන පරිදි පසුගිය දශකයක කාලය තුලදී ශ්‍රීලංකාවේ වන විනාශය 0.4%කින් පමණ පහල ගොස් ඇතැයි වන සංරක්ෂණ ජෙනරාල් අනුර සතුරුසිංහ මහතා පවසනවා.
මෙම වාර්ථාව සෑම වසර 5කටම වරක් එළිදැක්වෙන අතර වර්ෂ 2000 – 2010 අතර කාල සීමාව තුලදී වන විනාශය හෙක්ටයාර 58,791කින් පමණ අඩුවී ඇති බව සතුරුසිංහ මහතා වැඩ දුරටත් ප්‍රකාශ කොට තිබෙනවා. එය වර්ෂ 1990 – 2000 කාල සීමාව තුල සිදුවූ හෙක්ටයාර 104,380ක වන විනාශයට සාපේක්ෂව 1.3%ක අඩුවීමක්.
නමුත් වර්ථමානය වන විට ශ්‍රීලංකාව හැදින්වෙන්නේ අඩු වන ඝණත්වයක් ඇති රටක් ලෙසටයි.ඒ හේතුවෙන් දිවයින පුරා සිදුවන වන විනාශය අවම කිරීම සදහා හා වන විනාශය සිදුවන අවස්ථාවන් ක්ෂණිකව දැනුම් දීම සදහා වන ක්‍රියාවලියක් මේ මස තුලදී ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බව සතුරුසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත. එමගින් දිවයින පුරා සිදුවන වන විනාශයන්ට විරුද්ධව පරීක්ෂණ පැවැත්වීමට හා නීතිය ක්‍රියාත්මක කිරීමට මෙමගින් බලාපොරොත්තු වේ.

image_1488621689-643906efe4

 

www.dailymirror.lk ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article