ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් විවේචනය කිරීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු බව ශ්‍රි ලංකා හිටපු ක්‍රිකට් පුහුණුකරු ඩේව් වට්මෝර් පවසනවා. කණ්ඩායම මේ වන විට නැවතත් ගොඩනැගෙමින් සිටින අවස්ථාවක ප්‍රධාන ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ අඩුව පිරවීම ඉතාමත් අපහසු බවත් පැවසූ වට්මෝර් වැඩි දුරටත් සදහන් කර ඇත්තේ පසුගිය කාලය තුල ලසිත් මාලිංගගේද සහය කණ්ඩායමට නොලැබීම නිසා කණ්ඩායම තව තවත් පීඩනයට ලක් වූ බවයි. කණ්ඩායම ගොඩනැගෙමින් පැවතියත් මේ වන විටත් විශිෂ්ඨ දක්ෂතාවයන් රැසක් සහිත ක්‍රීඩකයන් කණ්ඩායමේ සිටින බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
ඔහු මේ වන විට 138 වන නිල් මහ සටනේ ශා.තෝමස් කණ්ඩායමේ ක්‍රීඩා උපදේශක ලෙස කටයුතු කිරීම සදහා ශ්‍රීලංකාවට පැමිණ සිටින අතර තුරුදී ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී මේ බව සදහන් කර ඇත.
www.dailymirror.lk ඇසුරිනි.