මිල සූත්රයට අනුව ඉන්ධන මි සංශෝධනයට ඊයේ (10) පියවර ගත් මුදල් අමාත්යංශය ඉන්ධන මිල පහළ දැමීය.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියලකින් පහළ ගිය අතර ඒ අනුව එහි නව මිල රුපියල් 137කි. ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 2කින් පහළ ගිය අතර එහි නව මිල රුපියල් 161කි.
ඒ අතරම සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 2කින් පහළ දැමුණ අතර එහි නව මිල රුපියල්132කි. ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදුකර නොමැත.