පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ චෝදනාව හේතුවෙන් විනය පරීක්ෂණයක් සදහා කැදවූ අතුරලියේ රතන හිමි,විජේදාස රාජපක්ෂ,සුජීව සේනසිංහ හා අජිත් පී.පෙරේරා යන පිරිස විනය පරීක්ෂණ සදහා සහභාගී නොවීම හේතුවෙන් විනය පරික්ෂණ පැවැත්වීමට ඒක්සත් ජාතික පක්ෂයට නොහැකි වී ඇත.
පක්ෂයේ මහලේඛම් වෙත ලිඛිතව නිදහසට කරුණු ඉදිරිපත් කර ඇති සුජීව සේනසිංහ හා අජිත් පී. පෙරේරා තමන් විසින් වාචිකව ප්‍රකාශ ලබානොදෙන බවද දන්වා ඇත. නමුත් අතරලියේ රතන හිමි හා විජේදාස රාජපක්ෂ විසින් එසේ ලිඛිත කරුණු ඉදිරිපත් කිරීමක්ද සිදුකර නොමැති අතර තමන්ට විනය කමිටුව හමුවේ පෙනී සිින ලෙස තමන්ට දැනුම් දී නැතැයි ඔවුන් ප්‍රකාශ කරයි.
පක්ෂයේ නීති ලේඛම් වන ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර පවසන්නේ පක්ෂ විනය පරීක්ෂණ සදහා සහභාගී නොවූවන්ට එරෙහිව පක්ෂ ව්‍යවස්ථාවය අනුව ක්‍රියාකරන බවයි.