මෙරට 9 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා තේරී පත්විය. ඒ මහතාගේ නම කථානායකධූරය සදහා යෝජනා කර සිටියේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් වන අතර යෝජනාව ස්ථීර කරනු ලැබුවේ රංජිත් සියඹලාපිටිය මහතා විසිනි.
එමෙන්ම නියෝජ්‍ය කථානායකවරයා වශයෙන් රංජිත් සියඹලාපිටිය මහතා ඒකමතිකව තේරී පත්වූ අතර විපක්ෂනායකවරයා වශයෙන් සමගිජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බව කථානායකවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදුවිය.
එමෙන්ම කාරකසභාවේ නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා නම් කෙරිණි.