1983 කලු ජූලියේදී ඝාතනය කරන ලද දේශපාලන ක්‍රියාධරයන් වූ නායක තංගදුරෙයි සහ කුට්ටිමානි ඇතුළු දේශපාලන සිරකරුවන් 53 දෙනෙකු සිහිකරමින් පසුගිය 25 වනදා වැලිකඩ ප්‍රාණ පරිත්‍යාගි අනුස්මරණ ස්මාරකය ඉදිරිපිටදී ටෙලෝ සංවිධානය විසින් උපහාර දක්වන ලදී. මෙම අවස්ථාවට දෙමළ ඊලාම් විමුක්ති ව්‍යාපාරයේ මහලේකම් සහ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණකරන් මහතා සහභාගී වන ලදී. එමෙන්ම මෙම සිහිකිරීමේ අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් විනෝදා රාධා ලින්ගම් ඇතුළු
දෙමළ ඊලම් විමුක්ති ව්‍යාපාරයේ ආධාරකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.