Friday, September 20, 2024

5 ශ්‍රේණියේ දැරියන් තිදෙනෙකුට අතවර කල පාසලේ මුරකරු අත්අඩංගුවට

Must read

5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කළ පාසල් මුරකරුවෙක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් විසින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් මඟින් කරන ලද දැනුම් දීමකට අනුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයක් මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේ මුරකරු වන 39 හැවිරිදි පුද්ගලයෙකි. මේ ⁣වන විට එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිතුමන්ගෙන්, ගුරුවරුන්ගෙන් හා දැරියන්ගේ දෙමව්පියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article