මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා පැවැත්වෙන සියළුම උපකාරක පන්ති,දේශණ,සම්මන්ත්රණ සහ වැඩමුළු ආදිය ලබන 27 වනදා මධ්‍යම රාත්‍රීයෙන් පසු අවසන් කල යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්ර් මස 02 වනදා ආරම්භ විමට නියමිතය.
එසේ උපකාරක පන්ති,දේශණ,සම්මන්ත්රණ සහ වැඩමුළු ආදිය පැවැත්වීම් සම්බ්නයෙන් ලැබෙන පැමිණිලි වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ, විශේෂ විභාග මධ්‍යස්ථාන 8ක් ස්ථාපිත කර ඇති අතර සිරභාරයේ සිටින රැඳවියන්, අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විභාග අපේක්ෂකයන් සහ නේපාලයේ පැවැත්වෙන සාක් ක්‍රීඩා උළෙලට සහභාගීවී සිටින ක්‍රීඩිකාවන් හත් දෙනෙකු වෙනුවෙන් නේපාලයේ කත්මණ්ඩු අගනුවර විශේෂ මධ්‍යස්ථානයක් ආදිය ඒ අතර වේ.