Friday, November 1, 2024

22වන සංශෝධනය සම්මතයි; එහි ගෞරවය සාමකාමී ජන අරගලයටයි‼️

Must read

 

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහය දැක්වූ සියළු දේශපාලන පක්ෂ සහ එයට පක්ෂව පාර්ලිමේන්තුව තුළ ඡන්දය ලබා දුන් සියළු මන්ත්‍රීවරුන්ට ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නෙමු.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කාර්යයක් ලෙස ව්‍යවස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුල ස්ථාපිත වන අතරම අධිකරණ හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීමට හැකි වනු ඇති අතර මේ මොහොතේ අප විසින් බලාපොරොත්තු වන සියළු ප්‍රගතිශීලී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ 22වන ව්‍යවස්ථා සංශෝධනය තුළ අන්තර්ගත නොවුනත්, මෙරට බිහිවූ නරක ම ව්‍යවස්ථා සංශෝධනය වූ 20වන සංශෝධනය අහෝසි කර ගැනීමට 22වන සංශෝධනය අවස්ථාවක් වූ බව ද අප සිහි කැඳවීමට කැමැත්තෙමු.

එසේම 22 වැනි සංශෝධනයේ සම්පූර්ණ ගෞරවය යහපත් සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සාමකාමී අරගලයක නිරත වූ තරුණ තරුණියන් ඇතුළු පුරවැසියන්ට හිමි විය යුතු බව ද අවධාරණය කරන්නෙමු.

ස්තුතියි.

  • Black Cap Movement

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article