Friday, September 20, 2024

2034 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වයට එකම ලංසුව සෞදිඅරාබියෙන්

Must read

2034 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය සඳහා ලංසු තැබූ එකම රට සෞදි අරාබිය බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තහවුරු කොට ඇත. ඔක්තෝබර් 31 වනදා වන තරඟාවලිය සඳහා ආසියානු සහ ඕස්ට්‍රේලියානු මහද්වීපික රටවලින් ලංසු කැඳවා තිබූ අතර සෞදි අරාබිය එම නිවේදනය නිකුත් කොට මිනිත්තු කිහිපයකට පසුව නිවේදනය කළේ ඔවුන් ලෝක කුසලාන සත්කාරකත්වය වෙනුවෙන් ලංසු තබන බවයි.

ඕස්ට්‍රේලියාව ඊයේ දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් සටහන් කොට සිටියේ තමා සත්කාරකත්වය වෙනුවෙන් ලංසු තැබීමෙන් ඉවත් වන බවයි. ඒ හේතුවෙන් 2034 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය වෙනුවෙන් ලංසු තැබු එකම රට බවට සෞදි අරාබිය පත් විය.

සාර්ථක ලංසු තැබීමේ ක්‍රියාවලියක් සම්පූර්ණ කිරීමට යටත්ව මොරොක්කෝව, ස්පාඤ්ඤය සහ පෘතුගාලය යන රටවල ඒකාබද්ධ ලංසුව සමගින් 2030 ලෝක කුසලානයේ සත්කාරකත්ව ඔවුන්ට හිමිවන බවද FIFA නිවේදනය කොට ඇත. එමෙන්ම උරුගුවේ, ආජන්ටිනාව සහ පැරගුවේ යන රටවල එක් තරගය බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය.

(sportsphotography.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article