Friday, September 20, 2024

2021 සදහා අයවැය අද පාර්ලිමේන්තුවට

Must read

ලබන 2021 වර්ෂය සඳහා වන අයවැය යෝජනාව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) පර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය කතාව පැවැත්වීම අද පස්වරු 1.40ට සිදුකිරීමට නියමිතව තිබේ.රූපවාහිනී නාලිකා කිහිපයක් මගින් අයවැය ඉදිරිපත් කිරීම සජීවීව විකාශය කිරීමට නියමිතය.

අයවැය කියවීමේ විවාදය 18 වනදා සිට 21දක්වා පැවැත්වීමට නියමිත අතර එදින පස්වරුවේ ඡන්ද විමසීම සිදුකරනු ලැබේ. අයවැය තුන්වනවර කියවීම ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වවීමට නියමිතය.අයවැය තෙවන වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවෙන් පසු එදින සවස තෙවන වර කියැවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article