Friday, January 10, 2025

2019 වසරේ ගෝලීය දේශගුණ අවදානම් දර්ශකයේ දෙවන තැන ශ්‍රී ලංකාවට

Must read

(10.30 AM) 2019 වසරේ ගෝලීය දේශගුණ දර්ශකයේ,වසර 1998 සිට මේ දක්වා එනම් වසර 20ක් තුල වැඩිම දේශගුණික ආන්තික (extreme weather )කාලගුණික තත්වයන්ට මුහුණ දුන් රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇත.
දිගු කාලීන දේශගුණික අවදානම් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව හා Puerto Rico යන රටවල් වැඩිම අවදානම් සහිත  රටවල් ද්විත්වය වශයෙන් දර්ශකයේ ඉදිරියෙන්ම සිටී.

1998 වසරේ සිට 2017 වසර දක්වා ආන්තික කාලගුණික තත්වයන් සම්බන්දයෙන් මෙම වාර්ථාව ඉදිරිපත් කිරීම සිදුවූයේ ඊයේ දිනයේදී පෝලන්තයේදී පැවැති වාර්ෂික දේශගුණික සමුළුවේදීය. එයට අනුව දේශගුණික තත්වයන්ගෙන් වැඩිම බලපෑම් එල්ලවූ රටවල් අතර ඉදිරියෙන්ම ශ්‍රී ලංකාව,Puerto Rico , හා ඩොමිනික් රාජ්‍යය (Dominica) ශ්‍රේණිගතව ඇති අතර නේපාලය,පේරු හා වියට්නාමය ඊට පහලින් ශ්‍රේණිගතව ඇත.

මෙම දර්ශයට අනුව 2017 වසරේ මැයි මාසයේදී මෝසම් වර්ෂාවත් සමග ශ්‍රී ලංකාව තුල සිදුවූ කදු නායයෑමේ සිදුවීම 2003 වසරේ සිට ඉන්දියානු සාගර කලාපීය රටකින් වාර්ථාවූ දරුණුතම ස්වාභාවිත විපත වන අතර ඒ හේතුවෙන් පුද්ගලයන් 200ක් පමණ ජීවිත්ෂයට පත්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article