Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

20/20 නායකත්වය දසුන්ට

Must read

 

පසුගියදා ඉන්දියාව සමග පැවති 20/20 තරගාවලිය සදහා ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-0ක් ලෙස පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 20/20 නායකත්වය සම්බන්දයෙන් විවිධ විවේචන ඉදිරිපත් විය.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යම්තාක් හෝ සාර්ථක වුයේ අවසන් තරගයේදී දස්කම් දැක්වූ ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස් හා ලක්ෂාන් සදකැන් පමණි. ඒ හැරෙන්නට කිසිදු ක්‍රීඩකයෙකු සාර්ථක නොවූ අතර ඉන්දීය කණ්ඩායම ඉතා පහසුවෙන් තරගාවලිය ජය ගත් බව කාටත් පැහැදිලි විය.

එම පරාජයත් සමගින් ලසිත් මාලංගගේ නායකත්වය සම්බන්දයෙන් විවේචන ඉදිරිපත් වන්නට වූ අතර තරුණ කණ්ඩායමක් සමග පාකිස්ථානය 3-0 කින් පරාජය කිරීමට සමත් වූ දසුන් ශානකගේ නායකත්වය ඇගයීමට බොහෝ පිරිස් කටයුතු කර තිබිණ.

ඒ සියළු කරුණු මත මේ වන විට ලැබෙමින් පවතින නිල නොලත් වාර්තාාවන්ට අනුව ශ්‍රීලංකා ක්‍රිකට් 20/20 නායකත්වය සදහා නැවතත් දසුන් ශානක පත් කිරීමට තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තිරණය කර ඇත.
කෙසේ වෙතත් මේ සම්බනදයෙන් නිල වාර්තාවක් තවමත් ලැබී නැති අතර, 20/20කණඩායමේ නායකත්වය සදහා දසුන් ශානක තෝරාගන්නේ නම් අප කණ්ඩායමේ උණුසුම් සුභපැතුම් ඔහු වෙත එක් කරන්නට කැමැත්තෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article