19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලවත් අත්වැරැද්දක් බවත්. එය රටේ ඉදිරි ගමනට බාධාවක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි. ඔහු මේ වන සදහන් කර සිටියේ විදෙස් මාධ්‍ය ආයතන නියෝජිතයන් හා පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ඇති යෝජනාව රටට අනර්ථකාරී බැවින් එය පිළිගැනීමට තම රජයට නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.