මීගමුව කොළඹ ප්රධාන මාර්ගයේ මහබාගේ ප්රදේශයේදී වයස අවුරුදු 16 ක පමන බාලවයස්කරුවෙකු විසින් ඉතාමත් අපරික්ෂාකාරීව ධාවනය කල මොන්ටෙරෝ ස්පෝට් වර්ගයේ ජීප් රථයක් රියදුරාට පාලනයකර ගැනීමට නොහැකිව ප්රථිවිරුද්ධ මංතීරුවට පැන ඉදිරියෙන් පැමිනි මෝටර් රථයක ත්රිරෝදරථයක හා යතුරුපැදි දෙකක් ගැටීමෙන් අද(04) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. මෙම අනතුරෙන් තවත් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.