Friday, September 20, 2024

13 වන ශ්‍රේණියේ සිසුන් සදහා පළමුව පාසල් ආරම්භ කිරීමේ සූදානමක්

Must read

පාසල් යළි ආරම්භ කිරීම සඳහා දින නියම කිරීමෙන් පසු අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය සකස් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් මට්ටමින් සාකච්ඡා ආරම්භ කර තිබේ.පළමුව 13 වැනි ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ඊයේ සිරස නාලිකාවේ විකාශය වූ සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමිනි.

එමෙන්ම සියලුම පාසල් ආරම්භ කිරීමට පෙර ත්‍රිවිධ හමුදා සහ සෞඛ්‍ය අංශවල සහයෙන් විෂබීජහරණ කටයුතු මෙන්ම ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article