Friday, January 10, 2025

ෆවුස් අධිකරණයට ! ෆවුසිගේ මන්ත්‍රි පුටුව මෛත්‍රිටද ?

Must read

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරිමට ගත් තීරණය හා සිය පාර්ලිමෙන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලි හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර ඇත.

පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, එම පක්ෂයේ විනය කමිටුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයින් ඇතුලු 14 දෙනෙකු නම් කර ඇති බවය අද දෙරණ විසින් වාර්ථා කොට තිබුණි.

තමා එක්සත් ජාතික පක්ෂයට සහය පල කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව මඟින් තම මන්ත්‍රිධුරය අහෝසි කිරිමට කටයුතු කර ඇති බව මාධ්‍යවලින් දැනගත් බවයි ෆවුසි මහතා පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් තමන්ට පක්ෂයෙන් කිසිදු වෙනත් දැනුම්දීමක් නොකෙරුණු බව ද ඔහු සඳහන් කර ඇත.

කිසිදු විනය පරික්ෂණයක් නොපවත්වා තමන්ව පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය නීති විරෝධි බවට තීන්දු කොට එය බල රහිත කිරිමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඒ.එච්.එම්. ෆවුසි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇතියි මාධ්‍ය විසින් වාර්ථා කොට තිබුණි..

මේ අතර ශ්‍රිලනිපය විසින් මෙම මන්ත්‍රි  පුටුව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන හට ලබාදිමට නියමිතව ඇතැයිද ඇතැම් මාධ්‍ය පසුගිය දිනවල වාර්ථා කළේය.
මුලාශ්‍රය – අද දෙරණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article