රට තුල පවතින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ කුමන හෝ මාර්ග වලින් රට යෑමට බහුතරයක් දෙනා සුදානමින් සිටිති,
මේ අතර පසුගිය කාලය තුල සංවාරක විසා මගින් විදෙස් රටවලට යැවිමට විවිධ ජාවාරම්කරුවන් විසින් කටයුතු යොදා තිබුන අතර මෙසේ විදෙස් ගතව ඇති බහුතරයක් දෙනා මේ වන විට අසරණ තත්වයකට ඒ රටවලදි පත්ව සිටිති.
මේ අතර නීත්‍යානුකූල නොවන පරිදි සංචාරක වීසා මගින් විදේශගත වී සිටින සියළුම කාන්තාවන් අසාධු ලේඛනගත කිරීමටත්, ඔවුන්ට එරෙහිව කාර්යාංශ පනතේ ප්රතිපාදනයට යටත්ව නීතිමය පියවර ගැනීමටත් තීරණය කර තිබේ .
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ .
එමෙන්ම ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි .