දිවයින හරහා සුළං වේගයේ සහ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් සැප්තැම්බර් මස 18 වන දින සිට 21 දින දක්වා අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව, මධ්‍යමසහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවත් ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙයි.
දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි 50 පමණ තද සුළං ඇති විය හැකිය.