Friday, May 3, 2024

හදුනානොගත් හේතුවකින් මියයන මින්නේරිය වැවේ මාළුන් කරවල නිශ්පාදනයට….

Must read

ඡායාරූප – ලංකාදී

මේ වන තෙක් හදුනාගෙන නොමැති හේතුවෙන් හේතුවෙන් මියයන මින්නේරිය වැවේ විවිධ ප්‍රමාණ වල මසුන් ආහාරයට නොගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබියදී එම මසුන් කපා කරවල නිශ්පාදනයට සූදානම් කිරීමට ඇතැම් ධීවරයන් කටයුතු කරමින් සිටින බව වාර්ථා වෙයි.

මේ බව ලංකාදීප වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ.

මෙසේ මසුන් මියයාම සම්බන්දයෙන් අදහස් දක්වන හිගුරක්ගොඩ ප්‍රදේහීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේ වෛද්‍ය ටී.එන්.කේ විජේකොන් මහත්මිය සදහන් කර සිටින්නේ සිදුවීම සම්බන්දයෙන් සොයාබැලීම සදහා මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොමුකර ඇති බවයි. එමෙන්ම එසේ මියගොස් ඇති මසුන් ආහාරයට නොගන්නා ලෙස ජනතාව දැනුවත් කර ඇති බවත් මසුන් මියයාමට හේතු සෙවීම සදහා රාසායනික පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවත් ඒ මහත්මිය වැඩිදුරයත් සදහන් කළාය.

කෙසේ වෙතත් මින්නේරිය වැවෙන් දැල් යොදාගනිමින් අල්ලා ගන්නා මසුන් පවා පාරිභෝගිකයන් වෙත අලෙවි නොකරන ලෙස ධීවරයන්වෙත ඉල්ලීමක් කර ඇති අවස්ථාවක වැවේ අභිරහස් ලෙස මියයන මසුන් කරවල කිරීමට සදහා ඇතැම් ධීවරයන් යොමුවී සිටීම දැකගත හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article