Monday, May 20, 2024

හිමි වී අහිමි වූ ආසියානු රිදී පදක්කම

Must read

19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ 400 x 4 මිශ්‍ර මලල ක්‍රීඩා ඉසව්වේන් හිමි වූ රිදී පදක්කම ශ්‍රීලංකාවට අද (02) අහිමි වී ගොස් ඇත. මෙසේ ආසියානු ක්‍රීඩා උළෙලකදී මළල ක්‍රීඩා පදක්කමක් ශ්‍රී ලංකාවට හිමිවූයේ වසර 17කට පසුවය.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින්  කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, නදීෂා රාමනායක සහ තරුෂි කරුණාරත්න තරඟය⁣ට එක්වූ අතර ඔවුන්ගෙ විශිෂ්ඨ ධාවනයන් හේතුවෙන් තරඟයේ දෙවැන්නා ලෙස තරඟය අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකිවූවත්, තරඟය අතරතුරදී තරඟ මංතීරු නීතිය උල්ලංඝණය කිරීමේ වරදක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සිදුව ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් තරඟයෙන් ඉවත් කිරීමට සංවිධායකයන් තීරණය ⁣කර ඇත.

ඒ අනුව බහරේනයට රන් පදක්කම හිමි වූ අතර, පිළිවෙලින් ඉන්දියාව සහ කසක්ස්ථානය රිදී සහ ලෝකඩ පදක්කම්  දිනා ගැනීමට සමත් විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article