Thursday, May 2, 2024

හිටපු ජනපතිව විදුලි පුටුවට ගෙන ගියානම් එය විදුලි පුටුවටත් අවමානයක් – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Must read

හිටපු ජනාධිපතිවරයා වෙත විදුලි පුටුවක් සම්බන්දයෙන් කිසිදු බලපෑමක් හෝ දඩුවමක් එල්ලවී නොතිබුණත් ජනතාව බියවද්දමින් දිගින් දිගටම ඔහු විදුපි පුටුවත් පිලිබද කථා කල බව පැවසූ සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් කියා සිටියේ යුධ සමයේ හමුදා ක්‍රියාවිතයේ සිටියේ තමන් ඇතුළු පිරිස නිසා විදුලි පුටුවක් තිබුණානම් එයට ගෙනයා යුත්තේ යුද්ධය කල තමන් ඇතුළු පිරිස බවත් එතුමා පවසා සිටියේය. හිටපු ජනාධිපතිවරයා විදුලි පුටුවවෙත ගියානම් එය විදුලි පුටුවටත් අවමානයක් බවයි වැඩිදුරටත් එතුමා පුකාශ කර ඇත්තේ.

හිටපු ජනාධිපතිවරයාට දැන් පවත්වන රැස්වීමකට මිනිසුන්  තිස් හතලිස් දාහක් ගෙන ඒමට හැකි වූවත් පසුගිය මැතිවරණයේදී ඔහුට මිලියන 6.2ක ජනතාවගේ ජන්ද ලබා ගැනීමට නොහැකි වූ බවත් සදහන් කලේය. LTTE සංවිධානයේ කමාන්ඩර්වරයෙකු වූ කරුණා අම්මාන් පොලිස් නිලධාරීන් 600කගේ හා තයත් විශාල පිරිසකගේ මරණ වලට වගකියයුත්තා වූ අතර ඔහුව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ උප සභාපති කිරීමට හිටපු ජනාධිපතිවරය කටයුතු කල බවත් ප්‍රකාශ කර සිටියේය.

maxresdefault

 

www.dailymirror.lk ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article