Thursday, January 23, 2025

හැදල ලාදුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්වෙයි

Must read

ඉතාලිය,ඉරානය හා දකුණු කොරියාව යන රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශිකයන්ද නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීම සදහා “හැදල ලාදුරු රෝහල ” මෙරට ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට තීරණය කල බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවට කොරෝනා රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා එම රටවල් ත්‍රිත්වයෙන් මෙරටට පැමිණෙන සියලුම මගීන් හැදල රෝහලේදී දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කරන බවත්, එහිදී ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් එම සපයන බවත් වෛද්‍ය ජාසිංහ මහතා පවසයි. මෙන්ම මේ ආකාරයෙන් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කල හැකි තවත් ස්ථාන හදුනාගැනීම සදහාද මේ වන විට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පවසයි.

ඒ අනුව මෙරටට කොරෝනා වෛරසය ඇතුල්වීම වැලැක්වීමට සියලුම පියවර ගෙන ඇති බවත් මේ වන තෙක් කිසිදු නව කොරෝනා රෝගීයෙකු මෙරටින් වාර්තා වී නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article