Monday, September 14, 2026
spot_img

හාදු වැහි

Must read



උදෑසන සිට වැසි වසියි
කවුළුවෙන් එපිට
තුරුපත්මත
පතිත වැහිබිඳු මඳක් නැවති
අත්ල මත යළි පතිත වෙයි

කවුලුව හැර දැන් නුඹ පැමිණිය යුතුයි
අත්ල දිගහැර
පතිත වැහි බිඳු
එකින් එක සිප ගත යුතුයි

සංචරන සීමා කොතෙක් තිබුණද
එකම මොහොතක
එකම විදිහක
ආලයෙන් මත්විය යුතුයි

කොහේ වැටුණත් වැහි බිඳු
එකම හැඩයකි
හාදු තරමටම
එකම සුවයකි


රුවන්දි සිල්වා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article