Friday, May 17, 2024

හාගල රක්ෂිතය තරණය කිරිම ගොස් අතරමං වූ පිරිසක් මුදා ගැනේ

Must read

බලන්ගොඩ ඉඹුල්පේ හාගල රක්ෂිතය තරණය කිරිම සදහා ගොස් එහි අතරමං වී සිටි තරුණයන් දෙදෙනකු සහ තරුණියන් දෙදෙනකු සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. මෙසේ අතුරුදන් වී ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනකු සහ තරුණියක හා ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියකය.

මෙම පිරිස පසුගිය 27 වනදා දහවල් කාලයේදී හාගල රක්ෂිතයේ සංචාරය කිරිම සදහා ඉඹුල්පේ ලදුයාය ප්‍රදේශයෙන් හාගල රක්ෂිතට නැග ඇති අතර 28 වනදා නැවතත් පිටත්වීම සදහා හාගල රක්ෂිතයේ පස්සරමුල්ල දෙනගම දෙසට පැමිණ ඇති අතර පස්වරුවේ පැවැති අධික වර්ෂාවත් සමග පැවැති ඝණ මිහිදුමි තත්ත්වය හේතුවෙන් ඔවුන්ට මාර්ගය සොයා ගැනිමට නොහැකි විම හේතුවෙන් අතරමං වි ඇති පොලිසිය කියයි.

පසුව පොලිස් හදිසි ඇමැතුම් අංශයට කළ දැනුම් දිම  මත බලන්ගොඩ පොලිසිය ඉඹුල්පේ ලදුයාය ප්‍රදේශයේ පදිංචි තරුණ තරුණියන් එක්ව  විශාල පරිශ්‍රමයක් යොදා ඔවුන් බේරා ගෙන තිබේ.

(මූලාශ්‍රය – ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article