කුමන්ත්‍රණ ආණ්ඩුවේ සැලොන් දොර දැන් වසා දමා ඇති සෙයකි. තවත් බිලිබාගැනිම් සදහා දැන් ඉඩක් නැති පාටය.ඒ වෙනුවට දැන් සිදුවෙමින් ඇත්තේ බිලි බාගත් අයද සිදුව ඇති අති අමන ප්රජාතන්ත්ර විරෝධය ක්‍රියාවන්ට එරෙහිව ජනපතිටත් ටාටා කියා අාපසු හැරිමය.මේ නිසා හමස්පෙට්ටියේ දමා ඉතුරු කරගෙන සිටි ඇමතිකම් ටික් දැන් ඒ අයවිසින්ම බෙදාගන්නට පටන් ගෙන තිබේ.
පාර්ලිමේන්තු වට රවුමේ පැවැති රැස්විමෙන් රාජපක්ෂ අත්පක් කරගත් ජයක් නැති ගානය.
කිසිදු අයෙකුව තමන්ගේ පැත්තට නම්මාගෙන වේදිකා ගත කරන්නට ඔවුන්ට නොහැකි විය.
එපමණක් නොව එදින වේදිකාවේ කියැවුණ ගොන් කථා සහ ඇනුම් පද හේතුවෙන් අද රාජපක්ෂ සිරිසේන විරෝධි ප්රජාතන්ත්රවාදය අගයන ජනයාට සමාජ මාධ්‍ය තුල සිය ආධිපත්‍ය වඩාත් තහවුරු කරගතහැකි අන්දමේ නිදහස් ඉඩක් සපයා සි ඇත්තේ ඒ සැමට සමණළයන් සේ පියඹා යන්නට ඉඩසලසාලමිනි.
මේ අතර අද මුහුණු පොතට කුතුහලයක් මුදාහරින් ඇමති හරින් ප්‍රනාන්දු කියා ඇත්තේ සුභආරංචියක් ඇති බවය.
කෙහොටමටත් දැන් සුබආරංචි ඇත්තේ හරින්ගේ පිළටම පමණි.