දකුණු ඇමරිකානු ගිරවුන් 26ක් හම්බන්තොට කුරුළු අභයභූමියෙන් සොරාගෙන ඇතැයි හම්බන්තොට පොලීසිය පවසනවා.මේ ගිරවුන්ගේ වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 2.7ක් පමණ වන බවයි වාර්ථා වන්නේ.
මෙම කුරුළු අභයභූමියේ භාරකරු විසින් පොලීසියට දන්වා ඇති පරිදි සොරකම් කල ගිරවුන් 20 දෙනෙකු රුපියල් මිලියන 1.5ක පමණ වටිනාකමකින් යුතු වන අතර සොරකම් කර ඇති මැකාවු වර්ගයේ ගිරවුන් දෙදෙනාගේ වටිනාකම රුපියල් මිලියන 1.2ක් බවයි වාර්තා වන්නේ.
ඡායාරූපය – www.dailynews.lk