Sunday, November 24, 2024

හදාගන්න බැරි සත්තුන්ව පාරට නොදා ආරක්ෂිත තැනකවත් තියන්න කාරුණික වෙන්න

Must read

ලංකාවේ  සුරතල් සතුන්ව වීදි වලට ගෙනත් අතහැරීම නිසා පාරවල් වාහන  වලට යටවී මිය යාමේ සෝකී පුවත් දිනපතාම අසන්නට ,දකින්නට ලැබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට හැකිවන්නේ මෙය වැරැද්දක් ලෙස අප වටහාගත් දිනයකදී පමණි. පහත පළවන්නේ එසේ පාරට වීසි කළ පුස් පැටවෙකු වාහනයකට හැපීමෙන් පසු , එම සත්වයා සුවපත් කිරීමට දැරූ උත්සාහක් සම්බන්ධ සංවේදි සටහනකි.

” එයා නැති උනා දැන් ටිකකට කලින්.කියන්න තියෙන්නේ මේ වගේ අසරන අහිංසක සත්තු පාරවල් වලට ගෙනත් දාන උන්ට හෙන ගහනවා.අද ඒ සතා විදවපු විදවිල්ල මන් මෙයාව අතට ගත්ත වෙලේ ඉදන් මේ වෙනකන් බලන් හිටියේ.පුදුම දුකක් වින්දේ.පැය ගානක් මේ සතාව ලග තියාගෙන ජීවත් කරවන්න මහන්සි උන මට දැනෙන දුක කියන්න තේරෙන්නෙ නෑ.මිනිස්සු කොහොම මෙහෙම අසරනයොන්ට කරනවද කියලා හිතාගන්න බෑ.කොහොම උනත් එයා තව දුරටත් වේදනාවෙන් දුක් විදින්නෙ නැති එක ගැන සතුටු වෙනවා.ඊලග ආත්මෙක හොද ජීවිතයක් ගත කරන්න රත්තරනේ,ඔයා ගෙනාපු පවු වෙන්න ඇති මේ ගෙවුනේ.

පාරවල් වල මේ වගේ අහිංසකයොන්ව ගෙනත් දාන්න එපා.හදන්න බැරි නම් හදන්න පුලුවන් මනුස්සයෙක්ට දෙන්න.නැත්තම් අඩු ගානෙ පන්සලක් පල්ලියක් ගාවට ගෙනිහින් තියන්න.මේ ලක්ශ ගනන් වාහන යන පාරවල් වලට ගෙනත් නොදා.එච්චරයි ඉල්ලන්න තියෙන්නේ.සත්තු නෙවෙයි තිරිසන්නු මිනිස්සු.බෙහෙත් කරන්න එක්කන් ගියහම පැය 24ක් බලන්න ඕනේ කියනවා,උන් හොද වර්ගෙ සත්තුන්ට විතරයි උවමනාවෙන් කරන්නේ.මේ වගේ අසරනයෙක් ගෙනිච්චහම කොහොමත් මැරෙන ගානට වැඩ කරන්නේ.උන් ඔක්කෝටම වඩා සක්කිලි.”
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article