( 1.30 pm ) රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය මේ දිනවල දැවැන්ත විරෝධතාවයක් අරඹා ඇත්තේ සෞඛ්‍ය ඇමතිධුරය රාජිත සේනාරත්නට නොදිය යුතු බව කියමිනි.එම සංගමයේ 14000 ක අත්සනින් මේ ගැන කියා ජනපතිට බලපෑම් කර ඇති බවද මේ දිනවල මාධ්‍ය විසින් වාර්තා කරමින් තිබේ.
තතු එසේ වුවද රාජිත සේනාරත්ත සෞඛ්‍ය ඇමතිව සිටි සමයේදි සෞඛ්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් දැවැන්ත සේවාවක් ඉටුකරන ලද අද ලංකාවේ නොපිළිගන්නා අයෙක් නැති තරම්ය.බෙහෙතේ මිළ අඩුකිරිමම යනු මේ රටේ සියළුම ජනයා භුක්තිවිදන මහත්වු සහනයකි.
වෘත්තිය ඉල්ලිම් කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිළධාරින් සෞඛ්‍ය ඇමතිවරා පත්කිරිම ගැන තවදුරටත් මැදිහත් වන්නේ එයට පිළිතුරු දිම සදහා ලක්ෂ ගාණක ජනයා පියවර ගතයුතුව ඇත. මන්දයත් ඒ දුප්පත් ජනයා වෙත ලබාදුන් සහන වලකාලන පියවරකට මේ රජයේ නිළධාරින් රට ඇද දමන්නට යන නිසාය.