එසේම එළඹෙන 26 වනදා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයද අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ඊයේ (24) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ අතර වැටුප් විෂමතා ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස බලකරමින් ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිය සමිති ඊයේ (24) වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කළේය.
මොරටුව සහ රජරට විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් ඊයේ සත්‍යග්‍රහයක් ඇරඹූ අතර පාසල් අනධ්‍යයන සේවකයින් අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටී.
අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා පාසල්, ගුරු විද්‍යාල සහ විද්‍යා පීඨවල අනධ්‍යයන සේවකයින් අසනීප නිවාඩු වාර්තා කරමින් ඊයේ සිට දෙදින වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව මධ්‍යම, උතුරු මැද සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් ඊයේ විරෝධතා පැවැත්වුණි.
මේ අතර 2016 වසරේ සිට පවතින වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද 55 වන දිනටත් ක්‍රියාත්මක වේ.
ඊට සමගාමීව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් මොරටුව සහ රජරට විශ්වවිද්‍යාලවල සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.
ඉන් මොරටුව සත්‍යග්‍රහය අට්ටාලය ඉදිකිරීමට යාමේදී විරෝධතාකරුවන් හා පොලීසිය අතර මතභේදයක් හටගත්තේය.
ඊයේ පැවති විරෝධතාවය හේතුවෙන් රජයේ ආයුර්වේද රෝහල්වෙත ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් ද අසීරුතාවට පත්වුණි.
(ජේ. මුණසිංහ)
theleader.lk