Friday, September 20, 2024

සුපිරි ඉන්දීය නලු Irfan khan ජීවන රගමඩලට සමුදෙයි

Must read

අති දක්ෂ බොලිවුඩු මෙන්ම හොලිවුඩ් රංගන ශිල්පියෙකු වන Irfan khan ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්ථා වෙයි.

පසුගිය වසර 2ක පමණ සිට දුර්ලභ පිළිකා තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි  මොහු මියයන විට 53 වියේ පසුවිය.ඔහුගේ මරණයට හේතුවී ඇත්තේ බඩවැල් හා වකුගඩු ආශ්‍රිත ආසාදනයක් බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කර සිටියි.

95 වියැති ඉර්ෆාන්ගේ මව පසුගිය 25 වනදා අභාවප්‍රාත්ත වූ අතර ඇයගේ අවමංගල්‍ය උත්සවයටද ඉර්ෆාන් සහභාගී වී ඇත්තේ වීඩියෝ තාක්ෂණයෙන් බව මාධ්‍ය වාර්ථා කර සිටියි.

1988 වසරේදී Salaam Bombay චිත්‍රපටයෙන් බොලිවුඩු සිනමාවට පිවිසෙන ඉර්ෆාන් අති දක්ෂ, චරිතාංග රංගන ශිල්පියෙක් වශයෙන් සිය නාමය සටහන් කිරීමට සමත් වූවෙකි. බොලිවුඩ් සිනමාවෙන් පසු කාලීනව හොලවුඩ් සිනමාවට පිවිසෙන ඉර්ෆාන් Slumdog Millionaire (2008), The Darjeeling Limited (2007), Life of Pi (2012) and Jurassic World (2015) වැනි අතිසාර්ථක චිත්‍රපටවලට සිය රංගන දායකත්වය ලබාදුනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article