Wednesday, December 25, 2024

සීත සෘතුවේ පළමු සංචාරකයන් පෝලන්තයෙන් සහ ස්විස්ටර්ලන්තයෙන් ..

Must read

 

..

යුරෝපය පුරා එළඹෙමින් පවතින ශීත ඍතුවත් සමග පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට  සංචාරකයන්ගේ පැමිණීම ආරම්භ කරමින්, ප්‍රථම  ගුවන් යානය  පසුගිය 03  දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි

186 දෙනෙකුගෙන් සමන්විත මෙම පෝලන්ත ජාතික සංචාරකයන් අතර වැඩි පුර තරුණ පිරිසක් සිටීම විශේෂත්වයක් විය

මොවුන් 11/03 දින උදෑසන 07.45 ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට එන්ටර් එයාර් ගුවන් සේවයේ ඊ.එන්.ටී.- 1561 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙසේ  ශීත ඍතුව තුළ පෝලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම මෙවර සිදු වන්නේ 13 වැනි වරටය .

2023 වසරේ නොවැම්බර් මාසයේ සිට එළඹෙන 2024 මාර්තු මාසය දක්වා මේ ආකාරයට පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමට නියමිතය .

මෙම පෝලන්ත සංචාරකයන් අනුරාධපුරය , පොළොන්නරුව , සීගිරිය වැනි ඓතිහාසික ස්ථාන උණවටුන , ආරුගම් බේ මුහුදු තීර වල සහ ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන තුළ ද සංචාරය කිරීමට නියමිතය .

මේ අතර ශීත ඍතුව ස්විට්සර්ලන්තය වෙත උදා වීමත් සමග එරට වැසියන් 221 දෙනෙකු රැගෙන මංගල කුළී ගමන් ගුවන් යානය ( Charter Flight ) පසුගිය 03 වෙනිදාම  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මොවුන් ස්විට්සර්ලන්තයේ සුරීච් ( Zurich ) සිට 11/03 දින උදෑසන 08.50 ට ඊඩල්වයිස් ගුවන් සේවයේ (Edelweiss Air ) කුළී ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම ශීත ඍතු කුළී ගුවන් ගමන් සේවා 2023 වසරේ නොවැම්බර් මස 03 දින සිට එළඹෙන 2024 වසරේ මැයි මස 17 දින දක්වා ස්විට්සර්ලන්තයේ සුරීච් සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර ක්‍රියාත්මක වීමට නියමිතය .

මෙසේ පැමිණි ස්විට්සර්ලන්ත ගුවන් මගීන් පිරිස පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ගුවන් තොටුපොළ එක්ව සංවිධානය කර තිබුණි .

මුලාශ්‍රය ada.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article