Saturday, April 27, 2024

සිව.චන්ද්‍රකාන්තන් ‘පාස්කු සංහාරය’ ගැන ග්‍රන්ථයක් එළිදක්වයි

Must read

ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සහ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් විසින් රචිත පාස්කු සමූල ඝාතනය වාර්ගික – ආගමික සහජීවනය සහ අවබෝධය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයක් අද (23) මඩකලපුවේදී පැවැත්විණි.

සර්වාගමික නායකයින්ගේ ආශිර්වාදයෙන් සහ අලංකාර පිළිගැනීමේ නර්තනයකින් උත්සව ආරම්භ කිරීමෙන් අනතුරුව කතුවරයා විසින් කෘතිය එළිදක්වන ලදී.

ග්‍රන්ථයේ මුල් පිටපත් පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන්ට ලබාදීමෙන් අනතුරුව එම ග්‍රන්ථයේ පිටපත් සර්වාගමික නායකයන් වෙතද ලබාදුන්නා.

චන්ද්‍රෝදයම් කලයි සාහිත්‍ය සංසදය විසින් මෙම ග්‍රන්ථය ප්‍රකාශනය කරන ලදී
ජනවාර්ගික-ආගමික සංහිඳියාව දැනගැනීම සහ අවබෝධ කර ගැනීම යන තේමාව කේන්ද්‍රකරගත් මෙම කෘතිය කතුවරයාගේ දෙවැනි කෘතියයි.

පසුගිය 2019 වසරේ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වූ කරුණු එකතුවක් ලෙස මෙම කෘතිය ලියා පළ කර ඇත.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය වල්ලිපුරම් කනකසිංහම්, රාජ්‍ය අමාත්‍යවරයාගේ මව වන කමලා සිවනේසදුරෙයි, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පක්ෂ ආධාරකරුවන් සහ මහජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය වන Vedkai, රාජ්‍ය අමාත්‍යවරයා සිරගතව සිටියදී ලියා ප්‍රකාශයට පත් කරන ලදී.

මීට සමගාමීව යහපත් අධ්‍යාපනික සමාජයක් ගොඩනැගීමේ අරමුණින් රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා අතින් ආසියාවේ නවීනතම තාක්ෂණික පහසුකම්වලින් සමන්විත දැවැන්ත පුස්තකාලයක් මඩකලපුවේ ආරම්භ කිරීමද විශේෂත්වයකි.

එල්.තේවාදිරන්

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article